On the forest of life, once I found,
A blooming flower, on top of a mound,
So elegant, so calm, Oh! did it astound,
In all its wonder I was caught and bound
Before I think and before I speak,
It cast a spell, with a blinding streak,
To thwart its effect, I am too weak,
A growing love that will never peak
A soul so deep, you can never fill,
A sink of energy that will never spill,
Such is the valiance, the courage and will,
If not a lung, you will have a gill
Unquestionable, it has been from birth,
Your heart dwells in an ocean of mirth,
It is to me, as Sun is to Earth,
Feeding life, to quench its dearth
A drop of water, on a blade of grass,
Its fate rests on the winds that pass,
Oh my bliss! it's nothing but a glass,
Hoisted on the mercy of you lass
Words spoken, Words written—put their strengths to test,
The former triumphs, no doubt it's best,
So few, So much—invert that, dearest
Oh my! what it would bring, in the form of zest
Two souls raft, down a river they dart,
Will one fall? refuse they to part,
Can you decline, true to your heart?
Hasn't it been joyous? hitherto from start
The flock of Stars, flock noon and night
When the Sun stars, fade soon from sight
Earth Angel's the one, perched on the sky they watch
"Oh you selfish Sun!", utters Moon across the watch
"The school of Stars, I always let them through
Teaching them a lesson? Have they ever wronged you?"
I won't be the Sun! Even though you're mine
All your dear ones, let everyone shine
But aren't they just Stars? Each pale as a ghost
I am mighty Moon! Don't I love you most?
Ever wondered? Of a rose petal which hides
Different sweet smells, on each of its two sides
How could I have ever, imagined them to be?
On the velvet cheeks, of my own sweet pea!
On every single day, as you leave my bound
Showers kiss the earth! As I cry a mute sound
Imprisoned by pride? Rain was the escape they found
My jubilant dry tears, find their way to the ground
Take three flowers! You know what they don't share?
They smell different! Could anyone even care?
Your cheeks, your hands and your sweet hair
Since when were they flowers? How is that fair?
Third of a dozen fortnights! Has it been that much?
I forgot our last! Forgive me as such
Wish I could say, as our fingers touch
"Gelukkige verjaardag liefde"! Hope you get my Dutch!
සිත ගත දැඩි වුව ද
ඔබ මෙන්ම මා ද
තවමත් ලියවැල් බඳු ය
දස දෙසින් හමනා සුළඟට
සිටුමට නොවැටී නොනැසී එදිරිව
නොතකා දුක කාන්සිය
අවැසිය වැඩ කෙරුමට
මරු කතරක් වන විසල් ලොව වෙත
නොබියව පිය නැගුමට
හැකිවේ එවිට...
සිප් සතර තරණය කර
දිනන්නට... ජීවිතය
හැදූ ගුරුන්ට ද
වැඩු දෙගුරුන්ට ද
සෙවන වූ ගුරු මැදුරට ද
ගෙවුමට ණයක් ඇත
එළඹෙන වසර තුල
එය පියවනු වස්
අදිටන් කරගනීවිය
එයයි මගෙ පැතුම
ගෙවීගිය වසරෙහි වත්මන් ශේෂය
දහසකුත් මතකයන් පමණකි
ඒ මතකයන් අතුරෙන්
අමිහිරි දෑ වෙන්කොට
මුසුකර අතීත දියඹට
නංවා මිහිරි ඉතිරිය
ඔබ සිත් නෞකාවට
අයදිමි යාත්‍රා කෙරුමට
අනාගත සයුරු තෙර වෙත
ඉන්නට දුරුකර රෝබිය සුරැකිව
නොමැකෙන මතකයන් රැඳෙන්නට
සඵල කර ගන්නට පැතුම් සිත රැඳි
තුන් දස දෙදහස් වසරට පිය නගන මොහොතේ
තුන් රුවන් සරණ පතමි ඔබ වෙත
මලවි විදි හීසර
මන්ද පැකිලුණේ පිවිසුමට
ඔබ හද අරණට
දහසකුත් හදවත්
සිදුරු කල මින්දදට
ඔබේ හද විතරක්
මගහැරුනේ කෙලෙස?
තේරුම් සඟවාගත්...
නොමැකෙන වදන් පිරි
ඔබේ හදවත නම්...
බ්‍රාහ්මි සෙල්ලිපිය
කඳුලෙන් තෙත් කල විටවත්
මෙලෙක් වනවා නොවෙද?
මීළඟ හීයෙන්වත්...
විවර වනු පිණිස
ඇවැසිද? කෙතරම්..
කඳුළු කැට...සොඳුරිය
නිසරු බිමක වැඩෙන ගසක
පල හටගන්නේ නැති බව නිසැක...
වැඩී ආදර පල...
ඔබ හද නම්.... මී අඹ අත්තට
මා හද නම්.... දෙරණ වෙත නැමුමට
වෙන්නට පොහොරක්
ඉඩදෙනු...සොඳුරිය
එනමුදු දැන්...
දිමුතු නෙත් යොමා මා වෙත
ඔබේ වත හසරැලි
නගන්නේ මන්ද?
හීසරින් සීරුණු හදෙහි
වේළුණු කඩතොළු
ආලය නම් රුධිරයෙන්
තෙත් වෙන්නට...
ඇරඹුවේ දැන් නොවෙද?
ඒ හද වණය
මා සෙනෙහසින්
පාරන්නට තව ටිකක්
අවසරයි ...සොඳුරිය
සමනල කන්දට වැහි නැති හැම මොහොතක් ගානේ
ඉඩෝරයක සේයා දැනුණා
මට ඔබ අමතක බව හැඟෙනා හැම මොහොතක් ගානේ
ඔබ සිත නිහඬ සුසුම් හෙලුවා
සිටියෙමි කිමිද නිදි නැති සිහිනයක
මතකයට වී... ඔබ මුවේ මන්දහාසේ
උන්මාද වී...
වැලි කතරකට වැටෙන හැම වැහි බිඳුවක් ගානේ
ගංවතුරක සේයා දැනුනා
ඔබ සිත රිදවූ බව හැඟෙනා හැම මොහොතක් ගානේ
මා සිත මහඬින් ඉකිබින්දා
සිටියෙමි වාරු නැතිව සියොලඟ පුරා
හොරැහින් හෙළූ ... ඔබ නෙතේ නීලකාන්තී
නෙත් අන්ද වී...ඔබ සෙනෙහසින්
අවසරයි ඉන්නට ඔබ ළඟින් තුරුලටම වී...
නෙතු පියෙනා තුරා...
හද ගැහෙනා තුරා...
These are a few poems that I have written over the years, both in English and in my native Sinhala. I don't consider myself a poet, nor do I write them as a habit; I like to think they were born out of necessity, not made. I'll try to post translations of the Sinhala poems as time permits. I hope you like reading them. Any comments are welcome.